පොල් ගෙඩි තුනකට ලක්ෂ දෙකක්

ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ගොස් අනවසරයෙන් පොල් කැඩූ තිදෙනෙකු පොල් ගෙඩි තුනක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසු ව ඔවුන් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළ බවයි වාර්තා වෙන්නේ.

බාලවයස්කාර දරුවෙකු හා ගාල්ලේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුයි මෙම සිදුවීමට සම්බන්ධ වී ඇත්තේ.

නිතර නිතර සොරුන් පැමිණෙන නිසා, අක්කර එක හමාරක පමණ තම පොල් ඉඩමට සී.සී.ටී.වී පද්ධතියක් සවි කිරීමට පොල් වත්තේ අයිතිකරු තීරණය කර තිබෙනවා.එම සී.සී.ටී.වී දර්ශන අනුවමයි අදාළ පොල් කැඩූ අය සොයාගෙන ඇත්තේ