පාසල් ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් පෝද්දල ඛේදවාචකය

පෝද්දල – කාසිදෙණිය පදිංචි ගුරුවරයෙකුගේ නිවසට ත්‍රීරෝද රථයකින් පැමිණි අවුරුදු 16ක ගැහැණු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඊයේ (21) රාත්‍රියේ දී ගුරුවරයාට පිහියෙන් ඇන පලාගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසනවා.

පිහි ඇනුමෙන් තුවාල ලබා ඇති බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ 45 හැවිරිදි ගුරුවරයා බද්දේගම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම ගැහැණු ළමයාගේ මව සමග තුවාල ලැබු ගුරුවරයා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බවත්, ඒ පිළිබඳ විමසීමට එම කාන්තාවගේ දියණිය ගුරුවරයාගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින්බස්වීමක දී මෙසේ පිහියෙන් ඇන ඇති බවත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?