රතු පලසක් මෙන් පෙනෙන තරමටම කකුළුවන්

වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් අතර කාලය ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන්ට මෙන්ම එහි දූපත් වැසියන්ටත් වැදගත් කාල පරිච්ඡේදයක්.

එම දූපතේ තෙතමනය සහිත පරිසරයක් දක්නට ලැබෙන කාල පරාසය තුළ රතු කකුළුවන් තම අභිජනන කාර්යය සඳහා සූදානම් වෙනවා.

රතු කකුළුවන් අවුරුද්දේ වැඩි කාලයක් මිනිසුන් හමුවට නොපැමිණ වනාන්තර තුළ ජීවත් වුණත් තම අභිජනන කාලය තුළ වෙරළ තීරය බලා සංක්‍රමණය වෙමින් මුළු දූපතම අත්පත් කරගන්නේ, දූපතේ සැබෑ අයිතිකරුවන් කවුරුන්දැ යි ලොවට පෙන්වමින්.

රතු කකුළුවන් වෙරළ තීරයට සංක්‍රමණය වූ පසු ප්‍රජනන ක්‍රියාවලියේ නිරතවන අතර මේ සඳහා අවම වශයෙන් සතියක කාලයක්වත් ගත වෙනවා.

දූපත මධ්‍යයේ වූ වනාන්තරයේ සිට වෙරළ තීරය දක්වා මිලියන ගණනකින් සිදුවන මේ මහා සංක්‍රමණයේ දී පෙරමඟ ගැනීම බොහෝ දුරට පිරිමි කකුළුවන් අතින් සිදුවන්නක්.

ඔවුන් ගැහැණු කකුළුවන්ට කලින් වෙරළට පැමිණ, ගුල් හාරා ගෙන, තම වාසස්ථානය
අනෙක් පිරිමි කකුළුවන් ගෙන් ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙනවා.

හාරාගත් ගුල් ආසන්නයේ සංසර්ග ක්‍රියාවලිය සිදුකිරීමෙන් පසුව පිරිමි කකුළුවන් නැවතත් වනය තුළට සංක්‍රමණය වුණත්, ගැහැණු සතුන් තවත් අමතර කාලයක් ගුළ තුළම රැඳී සිටිමින් බිත්තර දැමීම සහ රැක ගැනීමේ කාර්යයේ නිරත වෙනවා.

කලකට පෙර, තම අභිජනන කාර්යය උදෙසා මිලියන ගණනින් දිගු ගමනක යෙදෙන මේ රතු කකුළුවන් මනුෂ්‍ය වාසයට ළඟාවීමත් සමග බොහෝ අනතුරුවලට මුහුණ දුන්නා.

මාර්ග හරහා ගමන් කිරීමේ දී මොවුන් වාහනවලට අසුවී දහස් ගණනින් මියයෑමේ අවදානමක් තිබුණ අතර, ඔවුන්ගේ පිටසැකිල්ල වාහනවල රෝද සිදුරු කිරීමට තරම් ශක්තිමත් නිසා අනතුරු ඇතිවීමේ හැකියාවකුත් තිබුණා.

කෙසේ නමුත් පසුකලෙක පාරිසරික විද්‍යාත්මකව පවතින වැදගත්කම සහ සංචාරක
ආකර්ශනය සලකා, සංක්‍රමණය සමය අතරතුර කකුළුවන්ට සහ මිනිසුන්ට ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට සඳහා පිළියම් රැසක් මේ වනවිට දූපත තුළ ක්‍රියාත්මක වෙනවා.

මේ කාලය තුළ වනෝද්‍යානය සංචාරකයන් උදෙසා වසා තැබෙන අතර, මහා මාර්ගයන් රතු පලසක් මෙන් පෙනෙන තරමටම කකුළුවන්ගෙන් වැසී යන නිසා බොහෝමයක් මාර්ගයන් ද වසා දැමෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37