AFC Banner
Empty Ad
Empty Ad

වැසි නිසා කඩා වැටුණු නිවසකට යටවී දරුවන් හතරක් ඇතුළු නවදෙනෙක් මරු

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ  වෙල්ලෝර් නගරයේ පවතින අධික වර්ෂාපතනය නිසා නිවසක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මියගිය අය අතර කුඩා දරුවන් සිව්දෙනෙක් ,කාන්තාවන් සිව් දෙනෙක් මෙන්ම  පිරිමි පුද්ගලයෙකු  වන බවයි පැවසෙන්නේ

ගිනි නිවන සහ ගලවා ගැනීමේ නිලධාරීන් සහ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කර තිබෙනවා

මේ අතර ප්‍රධාන අමාත්‍ය එම් කේ  ස්ටාලින් සිද්ධියෙන් මියගිය අයගේ පවුල්වලට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි  තමිල්නාඩු ප්‍රදේශයට වැඩි වර්ෂාපතනයක් සහ කර්නාටක ප්‍රාන්තවල ප්‍රදේශ වලට ඉතා තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත් සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?