කෘෂිකර්මාන්තයට සම්බන්ධ මතභේදාත්මක නීති 03ක් ඉන්දියාව අවලංගු කරයි

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් හඳුන්වාදුන් මතභේදාත්මක නීති තුනක් අවලංගු කිරීමට තීරණය කළ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පවසනවා. උත්තර් ප්‍රදේශ් සහ පන්ජාබ් හි පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඉන්දීය අගමැතිවරයා විසින් මෙම විශ්මයජනක තීරණය නිවේදනය කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඉන්දීය රජය විසින් ගෙනා මෙම නීති 03ට එරෙහිව පසුගිය වසර පුරා ඉන්දීය ගොවි ජනතාව එම දැඩි උද්ඝෝෂණ පැවැත්වූ අතර පන්ජාබ් ගොවින් විසින් එරට අගනුවර වට කරමින් පවත්වනු ලැබූ විරෝධතාවය ජාත්‍යන්තරයේ අවදානය ද දිනා ගනු ලැබුවා.

මෙලෙස තමන් රැගෙන ආ නීති 03 හකුලා ගැනීම ඉන්දීය රජයේ පසුබෑමක් ලෙස දේශපාලන විචාරකයින් සඳහන් කර සිටින්නේ.

“මම අද ආවේ ඔබ ට, මුළු රටටම කියන්න, අපි තීරණය කළා කෘෂි නීති තුනම ඉල්ලා අස්කර ගැනීමට. මේ මාසයේ අවසානයේදී ඇරඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී නීති 03 අවලංගු කිරීමට අවශ්‍ය නෛතිමය කටයුතු සිදුකරනු ලබනවා” ඉන්දීය අගමැතිවරයා ජනතාව අමතමින් ප්‍රකාශ කර සිටියා.

තමා සියලූම ඉන්දීය ගොවීන්ගෙන් සමාව අයදින බව ද මෙහිදී ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37