ඔරලෝසුවක් නිසා අමාරුවේ වැටුණු සුපිරි ක්‍රිකට් තරුව

ඉකුත් දා අවසන් වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දැක්වූ අවම ක්‍රීඩා විලාශය නිසා මේ දිනවල ඔවුන්ට තම රට වැසියන්ගෙන් එල්ල වන්නේ එතරම් සුභවාදී ප්‍රතිචාරයක් නොවෙයි.

මේ අතර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටි ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්යා ඩුබායි හි සිට ඊයේ ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපල හරහා නැවත පැමිණීමේදී සිදුවූ සිදුවීමක් නිසා මේ වන විට එරට දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඒ ඔහු සතුව තිබී රුපියල් කෝටි 05ක් වටිනා ඔරලෝසුවක් තිබී ඇති බවට රේගු විමර්ෂනයේදී හෙළිවූ බවට එරට ඇතැම් සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි විසින් වාර්තා කිරිමත් සමගයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් හර්දික් පාන්ඩ්යා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ තමන් රැගෙන ආ ඔරලෝසුවේ වටිනාකම රුපියල් කෝටි 1.5ක් පමණක් බවයි. එමෙන්ම කිසියම් පිරිසක් එය වැරදි වටිනාකමක් එක් කරමින් ප්‍රචාරයක් ගැනීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

තමන් මුම්බායි ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව රේගු නිෂ්කාෂණ අංශයට ගොස් විදේශගතව සිට රැගෙන පැමිණි ඔරලෝසුව ඉදිරිපත් කරනු ලැබූ බවත් ඒ සඳහා ගෙවිය යුතු බදු මුදල් ගෙවීමට ඉදිරිපත් වූ බවද ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දී සිටින්නේ.

මේ අතර පසුගියදා අවසන් වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් අවම දක්ෂතාවයන් පෙන්නුම් කර සිටියේ ඔවුන්ට දැන් මුදල් වැඩිවී ඇති නිසා සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීම සඳහ සාප්පු සවාරි යෙදීමට කාලය මිඩංගු කිරීම නිසා බවට ඉන්දීය ප්‍රේක්ෂකයින් චෝදනා එල්ල කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22