AFC Banner
Empty Ad
Empty Ad

ඔරලෝසුවක් නිසා අමාරුවේ වැටුණු සුපිරි ක්‍රිකට් තරුව

ඉකුත් දා අවසන් වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දැක්වූ අවම ක්‍රීඩා විලාශය නිසා මේ දිනවල ඔවුන්ට තම රට වැසියන්ගෙන් එල්ල වන්නේ එතරම් සුභවාදී ප්‍රතිචාරයක් නොවෙයි.

මේ අතර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටි ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්යා ඩුබායි හි සිට ඊයේ ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපල හරහා නැවත පැමිණීමේදී සිදුවූ සිදුවීමක් නිසා මේ වන විට එරට දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඒ ඔහු සතුව තිබී රුපියල් කෝටි 05ක් වටිනා ඔරලෝසුවක් තිබී ඇති බවට රේගු විමර්ෂනයේදී හෙළිවූ බවට එරට ඇතැම් සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි විසින් වාර්තා කිරිමත් සමගයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් හර්දික් පාන්ඩ්යා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ තමන් රැගෙන ආ ඔරලෝසුවේ වටිනාකම රුපියල් කෝටි 1.5ක් පමණක් බවයි. එමෙන්ම කිසියම් පිරිසක් එය වැරදි වටිනාකමක් එක් කරමින් ප්‍රචාරයක් ගැනීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

තමන් මුම්බායි ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව රේගු නිෂ්කාෂණ අංශයට ගොස් විදේශගතව සිට රැගෙන පැමිණි ඔරලෝසුව ඉදිරිපත් කරනු ලැබූ බවත් ඒ සඳහා ගෙවිය යුතු බදු මුදල් ගෙවීමට ඉදිරිපත් වූ බවද ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දී සිටින්නේ.

මේ අතර පසුගියදා අවසන් වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් අවම දක්ෂතාවයන් පෙන්නුම් කර සිටියේ ඔවුන්ට දැන් මුදල් වැඩිවී ඇති නිසා සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීම සඳහ සාප්පු සවාරි යෙදීමට කාලය මිඩංගු කිරීම නිසා බවට ඉන්දීය ප්‍රේක්ෂකයින් චෝදනා එල්ල කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?