අයවැයෙන් මත්පැන් මිල ගණන් වැඩි වෙන හැටි

අයවැය යෝජනාවලට අනුව මත්පැන් මිල කෙසේ වැඩිවේදැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා. එහිදී අනාවරණ වුණේ මිලිලීටර් 750 ක මත්පැන් බෝතලයක් සඳහා රුපියල් 96 යේ සිට 126 දක්වා අතර මිලකින් බදු වැඩිවනු ඇති බවයි.

මිලිලීටර් 750 හේ දේශීය මත්පැන් බෝතලයක් සඳහා රුපියල් 96 ත් 103 ත් අතර මුදලක බදු වැඩිවීමක් සිදුවනු ඇති. මෙරට නිෂ්පාදනය කෙරෙන විදේශීය මත්පැන් බෝතලයකට රුපියල් 126 ක බද්දක් අයකරනු ඇති බවටයි පැවසෙන්නේ.

මිලිලීටර් 330 සැර සියයට 05 ට අඩු බීර කෑන් එකක් සඳහා රුපියල් 03 ක නව බද්දක් ද, සැර සියයට 05 ට වැඩි බීර කෑන් එකක් සඳහා රුපියල් 15 ක නව බද්දක් ද අයකරනු ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ නිෂ්පාදන වියදම් ද එක් කිරීමෙන් පසු මීට වඩා වැඩි අගයකින් අදාළ සමාගම් මත්පැන් මිල ඉහළ නංවනු ඇති බවයි. මත්පැන්වලට අමතරව සිගරට් සඳහා වන බදු රුපියල් 05කින් වැඩි කිරීමට ද අයවැයෙන් ඊයේ යෝජනා කෙරුණා.

මත්පැන් හා සිගරට් මිල වැඩිවන ආකාරයට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !