සම්භාහන ආයතනයකට පැමිණි 25 හැවිරිදි ඇමරිකානු ජාතික තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එම සම්භාහන ආයතනයේ වෛද්‍යවරයා ලෙස පෙනී සිටි ඉන්දියානු ජාතිකයකු 23 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ මුරලි ෂියාම් නමැති 52 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකි.
අතවරයට ලක්වු තරුණිය අහංගම වැල්හේන්ගොඩ ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වා ගෙන යනු ලබයි. සම්භාහන මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ සැකකරු තමාට අතවර සිදු කළ බවට ඇය කොළඹ සංචාරක පොලිස් කොට්ඨාසයට විද්‍යුත් තැපෑලෙන් 09 දා පැමිණිල්ලක් කර ඇත. පසුව එම පැමිණිල්ල අහංගම පොලිසියට යොමු කර ඇත.
ඒ අනුව වහා ක‍්‍රියාත්මකවු පොලිසිය සැකකරු සොයා ගියද ඒ වනවිට ඔහු හෝටලයෙන් පිටව ගොස් තිබිණි. පසුව කොළඹ මෝදර ප‍්‍රදේශයට ගොස් නිවසක සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අහංගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එච්. බන්දුල, පොලිස් පරීක්ෂක සම්පත්, සැරයන් අරුණ (15921, කොස්තාපල් මාලිංග (97421 යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.