විදෙස් තරුණිය සම්භාහනය කරද්දී පිටපොට පැන්න ඉන්දියානු වෛද්‍යවරයා අපුරු පාඩමක් ඉගෙන ගනී

සම්භාහන ආයතනයකට පැමිණි 25 හැවිරිදි ඇමරිකානු ජාතික තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එම සම්භාහන ආයතනයේ වෛද්‍යවරයා ලෙස පෙනී සිටි ඉන්දියානු ජාතිකයකු 23 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ මුරලි ෂියාම් නමැති 52 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකි.

අතවරයට ලක්වු තරුණිය අහංගම වැල්හේන්ගොඩ ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වා ගෙන යනු ලබයි. සම්භාහන මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ සැකකරු තමාට අතවර සිදු කළ බවට ඇය කොළඹ සංචාරක පොලිස් කොට්ඨාසයට විද්‍යුත් තැපෑලෙන් 09 දා පැමිණිල්ලක් කර ඇත. පසුව එම පැමිණිල්ල අහංගම පොලිසියට යොමු කර ඇත.

ඒ අනුව වහා ක‍්‍රියාත්මකවු පොලිසිය සැකකරු සොයා ගියද ඒ වනවිට ඔහු හෝටලයෙන් පිටව ගොස් තිබිණි. පසුව කොළඹ මෝදර ප‍්‍රදේශයට ගොස් නිවසක සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අහංගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එච්. බන්දුල, පොලිස් පරීක්ෂක සම්පත්, සැරයන් අරුණ (15921, කොස්තාපල් මාලිංග (97421 යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27