රටම කළඹමින් අතුරුදහන් වූ සහෝදරියන් තිදෙනා ගැන තීරණයක් ගනී

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මේ බව තහවුරු කළා.

වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ,

“මේ දරුවෝ උදේ පාන්දරම රහසේම ගිහින් තිබුණේ නර්තන ශිල්පිනියන් වීමේ බලාපොරොත්තු ඇතුව. ඔවුන් තිදෙනා අතේ තිබුණු මුදු 2කුත් උගස් කරලා රුපියල් 60,000ක මුදලක් ලබාගෙන තියෙනවා. පස්සේ ඇඳුම් අලෙවිසැලකින් ජින්ස්, ටීෂර්ට් සහ බොහෝ ඇඳුම් පැළඳුම් මිලදී ගෙන ඇති බව තමයි වාර්තා වුණේ. මේ අයට ඕනි වෙලා තියෙන්නේ කොහොම හරි නැටුම් කණ්ඩායමකට හරි පන්තියකට හරි සම්බන්ධ වෙන්න..”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඔවුන් තිදෙනා වත්තල ප්‍රදේශයේ නර්තන කණ්ඩායමකට සම්බන්ධ වීමට ද උත්සාහ දරා ඇති බවයි.

පසුව එම උත්සහයත් ව්‍යාර්ථ වීමෙන් පසු ඔවුන් තිදෙනා අනුරාධපුරය බලා යන බස් රථයකට ගොඩ වී තිබෙනවා.

එම අවස්ථාවේදී බස් කොන්දොස්තරවරයාට මෙම දැරියන් ගැන සැක පහළ වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව කොළඹ ආ ඔවුන්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට උත්සාහ ගෙන ඇති බව ද සඳහන්.

“ඔවුන් සුචරිතයට ගිහිල්ලා උදව් ඉල්ලලා තිබුණා. නමුත් ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කරන්න කිසිවෙකු නොමැති බව ආරක්ෂක අංශ දැනුම් දීලා. පසුව ඔවුන් සමගි ජන බලවේග කාර්යාලයටත් ගිහින් තියෙනවා. නමුත් ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහතා කාර්යාලයේ නැති නිසා ඔවුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්නට හැකියාවක් ලැබිලා නැහැ..”

කෙසේ වෙතත්, මේ අතරවාරයේ මෙම දැරියන් තිදෙනාගේ පලා යාම ප්‍රධාන ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පුවත් මවමින්, ප්‍රචාරය වුණා.

ඉන් අනතුරුවයි, මෙම දැරියන් තිදෙනා නැවතත් ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණීමට තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත්, මෙම දැරියන් තිදෙනා දැඩි මානසික කඩා වැටීමකට ලක්ව ඇති අතර, නිවෙස්වලින් ඔවුන්ට “සංගීතය හෝ රූපවාහිනි” නැරඹීමටද තහංචි පනවා ඇති බවටයි, වාර්තා වන්නේ.සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක අතර, දරුවන් ගැන මීට වඩා සැලකිල්ලෙන් සොයා බැලිය යුතු බවත්, තරුණ වියේ පසුවන දරුවන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් දෙමව්පියන් මීට වඩා වගකීම් සහග විය යුතු බවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අතුරුදන් වු බාල වයස්කාර දැරියන් තුන්දෙනා නික්මෙන සිසිටිවි දර්ශන මෙන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..අපි කලින්ම කිව්වනේ මේක වෙනවා කියලා..සාස්තරකාරයෝ වෙන්න ඕනි නෑ
06:37
Video thumbnail
නායකත්වය ලැබීම ගැන කුසල් මෙන්ඩිස් කියපු දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි
06:30
Video thumbnail
ලංකාවේ ඩීසල් පෙට්‍රල් හිඟයක්ද? CPC එකෙන් සියල්ල හෙළිකරයි
02:45
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01