24 වසරකට පසුව පළමුවරට කාන්තා නිලධාරිනියක් පොලිස් OIC පුටුවට

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්.එම්.අයි. කාංචනා සමරකෝන් ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ 2021.11.11 වන දින ප.ව. 4.00 වැඩ බාරගැනීමට නියමිතය. මෙම පොලිස් ස්ථානය නව පොලිස් ස්ථානයක් ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අතින් එදින විවෘත කිරීමට නියමිතය.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කාංචනා සමරකෝන් කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ උපත ලද අතර කෑගලු බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ලදී. 1997 දී කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධ වී ඇති අතර, හලාවත, වව්නියාව, ගම්පහ, මිරිගම, නිට්ටඹුව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ කොට්ඨාශයන්හි සේවය කර ඇත.

ඇගේ ස්වාමිපුරුෂයාද ශ්‍රී ලංකා පොලිසියේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සේවය කරනු ලබන අතර, ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?