මහරගම අපේක්ෂා රෝහලට පමණක් දෙවෙනි වූ තැන මෙන්න

මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු අදියර අනිද්දා විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙරට රෝහලක් තුල ඉදිවන විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අතර මෙය දෙවෙනි වන්නේ මහරගම අපේක්ෂා රෝහලට පමණයි.

ඉහළම තාක්ෂණික උපකරණ වලින් සහ ඇදන් 600 ක ධාරිතාවයකින් සමන්විත වන මෙම ඒකකය ට රුපියල් මිලියන 1945 ක් වැය කෙරෙනවා.