අතුරුදන්ව සිටි ගැහැණු දරුවන් තිදෙනා හමුවෙයි

අතුරුදන් වී ඇති බවට වාර්තා වූ  කෙසෙල්වත්ත ප්‍රදේශයේ  බාල වයස්කාර ගැහැණු දරුවන් තිදෙනා යළි නිවෙස් වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ (08) ඔවුන් නිවෙස්වලින්  අතුරුදන් වී ඇති බවට කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. 

ඔවුන් වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල පසුවූ ගැහැණු දරුවන් තිදෙනෙකි.

ඔවුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරියක් බව සඳහන් විය.