අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම තනතුරක සිටින තම සැමියා විසින් තමනට හා දරු දෙදෙනාට හිංසා කරන බව පවසමින් ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ පසුගිය 4 වැනිදාය.
සැමියාගේ නම සඳහන් බිරිඳ කරන ලද පැමිණිල්ල අනුව එම සැමියා බිරිඳ සහ දරුවන් දෙදෙනාට පහර දී හිරිහැර කරන බව සඳහන්ව ඇතැයි පොලිස් නිළධාරියෙකු සඳහන් කළේය.
මේ හේතුවෙන් තමන්ගේ සහ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව පිණිස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස ඇය පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරමින් පවතී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




