AFC Banner
Empty Ad
Empty Ad

වැස්ස නිසා නගරයක් යට වෙයි

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර් 210 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබීමත් සමග දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවර පහත් බිම් ජලයෙන් යට වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඇතැම් ස්ථාන අඩි 3ක පමණ ජලයෙන් යට වී ඇති අතර, තමිල්නාඩු මහ අමති එම්.කේ. ස්ටාලින් පීඩාවට ලක්වූ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. තමිල්නාඩුවට දැන් ඇද හැලෙන්නේ 2015 වසරෙන් පසු වැඩිම වර්ෂාපතනයයි.

මේ හේතුවෙන් චෙන්නායි නුවර දිස්ත්‍රික්ක 3ක පාසල් ඉදිරි දින දෙක තුළ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. බෙංගාල බොක්කේ සුළං අභිසාරී කලාපය මෙලෙස තමිල්නාඩුවට මහ වැසි ඇද හැලීමට හේතුවයි. එමෙන්ම තමිල්නාඩුවට තවදුරටත් මහ වැසි අපේක්ෂා කරන බව ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?