නවසීලන්ත තරගයට පෙර අබුඩාබි ක්‍රීඩාංගනය භාර නිලධාරියාගේ නිසල සිරුර හමුවෙයි

අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රධාන භාරකරු වන මොහාන් සිං, ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරගය ආරම්භ වීමට මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් එය ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවයි, පුවත් මූලාශ්‍ර සඳහන් කර ඇත්තේ.

වසර 22ක් පුරාවට ඉන්දීය ක්‍රිකට් වෙනුවෙන් මහත් සේවයක් කළ ඩල්ජිත්, මොහාන්ගේ වියෝව ගැන මාධ්‍ය හමුවේ සංවේදී වුණා.

“ඔහු ඉතා හොඳ දක්ෂයෙක්. වෙහෙස මහන්සි වී වැඩ කරපු පුද්ගලයෙක්. ඔහු එක්සත් අරාබියට ගියා වුණත්, ලැබෙන හැම අවස්ථාවකම මාව මුණ ගැහෙන්න ආවා. මට ඔහුව ටික කාලෙකින් දැකගන්න ලැබුණෙත් නෑ. ඔහු ඉක්මණින් ගියා. ඇත්තටම ඒක ඛේදජනකයි..”මේ අතර, මෙම අද පැවැත්වුණු නවසීලන්ත – ඇෆ්ගනිස්ථාන තරගයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37
Video thumbnail
දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
00:46
Video thumbnail
ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි හා බැනර් ප්‍රදර්ශනය කර ඇති අයුරු
00:32
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට
01:07
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට - පවුලේ අය සංවේදී වී හඬා වැටෙයි
01:30
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50