ශ්‍රී ලංකාව ලබන වසරේත් සුපිරි 12ට නැහැ – ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයත් සුදුසුකම් ලබයි.

ලබන වසරේ ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළා.

සත්කාරක ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය ඊට අයත්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 2022 ලෝක කුසලාන 20යි 20 තරගාවලියේ ද සුපිරි 12 වටයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට මෙවර තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවද ඇතුළුව අනෙකුත් කණ්ඩායම් වලට අවස්ථාව හිමිව තිබෙනවා.

2022 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට සෘජුව සුදුසුකම් ලබන්නේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක හා ලබන 15 වැනිදා වන විට 20යි 20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් පසුවන සෙසු කණ්ඩායම් 6යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14