ශ්‍රී ලංකාව ලබන වසරේත් සුපිරි 12ට නැහැ – ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයත් සුදුසුකම් ලබයි.

ලබන වසරේ ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළා.

සත්කාරක ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය ඊට අයත්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 2022 ලෝක කුසලාන 20යි 20 තරගාවලියේ ද සුපිරි 12 වටයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට මෙවර තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවද ඇතුළුව අනෙකුත් කණ්ඩායම් වලට අවස්ථාව හිමිව තිබෙනවා.

2022 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට සෘජුව සුදුසුකම් ලබන්නේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක හා ලබන 15 වැනිදා වන විට 20යි 20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් පසුවන සෙසු කණ්ඩායම් 6යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23