ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

බෙලරුසියානු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෙලරුසියානු භාණ්ඩ ප්‍රවාහන සමාගමකට අයත් මෙම ගුවන් යානය සයිබීරියාවට ගොඩබැස්සවීමේදී හටගත් ගින්නකින් මෙම අනතුර සිදුව ඇති බවයි.

ගින්න හේතුවෙන් එහි ගමන් කළ මගීන් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වූ බව බෙලරුසියානු ගුවන් සමාගම සදහන් කරයි.