AFC Banner
Empty Ad
Empty Ad

බාල වයස්කාර දියණිය මුදලට අලෙවි කළ පෙම්වතාට දැරියගේ පියා දුන් දඬුවම

ලිංගික ජාවාරම් සඳහා සිය දියණිය අලෙවි කළ 19 හැවිරිදි පෙම්වතාව එම දියණිය ගේ පියා විසින් දරුණු ලෙස වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිදුවිමක සුලමුල වසරකට පසුව අනාවරණය කර ගැනීමට අමෙරිකාවේ වොෂිංටන් පොලිසිය සමත්ව තිබෙනවා.

මෙම ඝාතනය සිදුකල බවට චෝදනා එල්ලවී ඇත්තේ 60 හැවිරිදි ජෝන් එයිස්මන් හට චෝදනා එල්ලවී ඇති අතර ඔහු දැනට ඩොලර් මිලියනයක බැඳුම්කරයක් මත බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

ගතවූ මාසයේ ඊස්ට් ඇවරේට් ඇවිනියු හි අත්හැර දමා ගොස් තිබු මෝටර් රථයක තිබී ඝාතනය කරන ලද ආරෝන් සොරෙන්සන්ගේ සිරුර හමුවී ඇති අතර, ඔහුව ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දී ඝාතනය කරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ. ස්ථානීය පරික්ෂාව සිදුකළ පොලිස් නිලධාරීන් පවසන්නේ මෙම ඝාතනය සිදුකර වසරක පමණ කාලයක් යන තෙක් එය කිසිවෙකුගේ ඇස ගැටී නොතිබි ඇති බවයි.

ඝාතනයට ලක්ව ඇති 19 හැවිරිදි පෙම්වතා විසින් බාලවයස්කාර පෙම්වතිය අමෙරිකාවේ, සියැටෙල් ප්‍රාන්තයේ දී ලිංගික ක්‍රියාකාරකම් සඳහා මුදලට අලෙවි කර ඇති බවට එම දැරියගේ පියා විසින් කරුණු අනාවරණය කර ගෙන ඇත. ඒ ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදීය.

ඒ අනුව පියා විසින් සිය දියණිය එම ස්ථානයෙන් මුදවා ගෙන නිවසට රැගෙන විත් ඇත. පසුව පියා විසින් සිය දියණියට එම අපරාධය සිදුකළ ඇයගේ පෙම්වතා බව කියන 19 හැවිරිදි තරුණයා ජිවත් වෙන නිවස අසලට ගොස් ඔහුව හමුවී ඇති බවයි පොලිසියට කරුණු අනාවරණය වී ඇත්තේ.

ඒ හමුවීමේදී දැරියගේ පියා විසින් අදාළ තරුණයා පැහැරගෙන ගොස් ඔහුගේ අත් ගැට ගසා වාහනය තුල තබාගෙන සිට ඇත. පසුව සැකකරු විසින් තරුණයාගේ හිසට සින්ඩර් බ්ලොක් එකකින් පහර දී ඇති අතර පසුව ඔහුට නැවත නැවතත් පිහියෙන් ඇනීමෙන් ඔහු ඝාතනයට ලක් කර ඇත. තරුණයා ඝාතනය කිරීමෙන් පසු අදාළ සැකකරු විසින් වාහනය උතුරු ස්පෝකේන් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශයකට ගෙන ගොස් සිරුර ඇතුලේ තිබියදීම මෝටර් රථය අතහැර පලා ගොස් ඇත.

අත්හැර දමා ගොස් තිබු මෝටර් රථය පරික්ෂා කිරීමේදී අදාළ තරුණයාගේ සිරුර පොලිසියට හමුවී ඇත.

පොලිසිය පැවසුවේ ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම පහසුවූ බවත් ඔහු කිසිදු අයුරකින් විරෝධතාවයක් නොදක්වා පොලිසියට භාරවූ බවයි. එමෙන්ම මිට පෙර ඔහු කිසිදු වරදක් සිදුකළ අයෙකු බවට පොලිස් වාර්තාවල නම් ඇතුලත් වූ අයෙකු නොවන බවද විමර්ශකයින් සඳහන් කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?