බාල වයස්කාර දියණිය මුදලට අලෙවි කළ පෙම්වතාට දැරියගේ පියා දුන් දඬුවම

ලිංගික ජාවාරම් සඳහා සිය දියණිය අලෙවි කළ 19 හැවිරිදි පෙම්වතාව එම දියණිය ගේ පියා විසින් දරුණු ලෙස වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිදුවිමක සුලමුල වසරකට පසුව අනාවරණය කර ගැනීමට අමෙරිකාවේ වොෂිංටන් පොලිසිය සමත්ව තිබෙනවා.

මෙම ඝාතනය සිදුකල බවට චෝදනා එල්ලවී ඇත්තේ 60 හැවිරිදි ජෝන් එයිස්මන් හට චෝදනා එල්ලවී ඇති අතර ඔහු දැනට ඩොලර් මිලියනයක බැඳුම්කරයක් මත බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

ගතවූ මාසයේ ඊස්ට් ඇවරේට් ඇවිනියු හි අත්හැර දමා ගොස් තිබු මෝටර් රථයක තිබී ඝාතනය කරන ලද ආරෝන් සොරෙන්සන්ගේ සිරුර හමුවී ඇති අතර, ඔහුව ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දී ඝාතනය කරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ. ස්ථානීය පරික්ෂාව සිදුකළ පොලිස් නිලධාරීන් පවසන්නේ මෙම ඝාතනය සිදුකර වසරක පමණ කාලයක් යන තෙක් එය කිසිවෙකුගේ ඇස ගැටී නොතිබි ඇති බවයි.

ඝාතනයට ලක්ව ඇති 19 හැවිරිදි පෙම්වතා විසින් බාලවයස්කාර පෙම්වතිය අමෙරිකාවේ, සියැටෙල් ප්‍රාන්තයේ දී ලිංගික ක්‍රියාකාරකම් සඳහා මුදලට අලෙවි කර ඇති බවට එම දැරියගේ පියා විසින් කරුණු අනාවරණය කර ගෙන ඇත. ඒ ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදීය.

ඒ අනුව පියා විසින් සිය දියණිය එම ස්ථානයෙන් මුදවා ගෙන නිවසට රැගෙන විත් ඇත. පසුව පියා විසින් සිය දියණියට එම අපරාධය සිදුකළ ඇයගේ පෙම්වතා බව කියන 19 හැවිරිදි තරුණයා ජිවත් වෙන නිවස අසලට ගොස් ඔහුව හමුවී ඇති බවයි පොලිසියට කරුණු අනාවරණය වී ඇත්තේ.

ඒ හමුවීමේදී දැරියගේ පියා විසින් අදාළ තරුණයා පැහැරගෙන ගොස් ඔහුගේ අත් ගැට ගසා වාහනය තුල තබාගෙන සිට ඇත. පසුව සැකකරු විසින් තරුණයාගේ හිසට සින්ඩර් බ්ලොක් එකකින් පහර දී ඇති අතර පසුව ඔහුට නැවත නැවතත් පිහියෙන් ඇනීමෙන් ඔහු ඝාතනයට ලක් කර ඇත. තරුණයා ඝාතනය කිරීමෙන් පසු අදාළ සැකකරු විසින් වාහනය උතුරු ස්පෝකේන් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශයකට ගෙන ගොස් සිරුර ඇතුලේ තිබියදීම මෝටර් රථය අතහැර පලා ගොස් ඇත.

අත්හැර දමා ගොස් තිබු මෝටර් රථය පරික්ෂා කිරීමේදී අදාළ තරුණයාගේ සිරුර පොලිසියට හමුවී ඇත.

පොලිසිය පැවසුවේ ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම පහසුවූ බවත් ඔහු කිසිදු අයුරකින් විරෝධතාවයක් නොදක්වා පොලිසියට භාරවූ බවයි. එමෙන්ම මිට පෙර ඔහු කිසිදු වරදක් සිදුකළ අයෙකු බවට පොලිස් වාර්තාවල නම් ඇතුලත් වූ අයෙකු නොවන බවද විමර්ශකයින් සඳහන් කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38