AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් නිසා පාසලක් වැසේ

කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්-19 වෛරසය වැළඳීම නිසා චීනයේ ප්‍රාථමික පාසලක් වසා දමා තිබෙනවා

පසුව එහි සිටි සිසුන් පැය ගණනක් රඳවා තබා ගෙන ඇති බවත් ළමුන් රැගෙන යාමට පැමිණි දෙමව්පියන් පාසලෙන් පිටත මධ්‍යම රාත්‍රිය වනතුරුත් රැස්ව සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

වයස අවුරුදු 7- 12ත් අතර පසුවන මෙම ළමුන් පරීක්ෂාවට ලක් කර ඔවුන්ගේ ප්‍රතිඵල එනතුරු රාත්‍රිය පුරා පාසලේ රැඳී සිටින ලෙසට පාසලේ විදුහල්පතිවරයා විසින් දැනුම් දුන් බව සඳහන්

එමෙන්ම සිසුන් 35 දෙනෙකු නිරෝධායනයට රැගෙන යන බව දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා

පාසලේ සියලුම ගුරුවරුන්, සිසුන් සහ කාර්ය මණ්ඩලය කොවිඩ් වෛරසය සඳහා පරීක්ෂාවට ලක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?