AFC Banner
Empty Ad
Empty Ad

හදිස්සියේ මෙටා සමාගම ගත් තීන්දුව

මින් ඉදිරියට facial recognition තාක්ෂණය යොදා නොගැනීමට ෆේස්බුක් සමාජ ජාලය තීරණය කර ඇති බව මෙටා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පරිශීලකයන්ගේ රහස්‍යභාවය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි චෝදනා හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එම නිවේදනයෙහි සඳහන් වෙන්නේ.

ඒ අනුව මින් ඉදිරියට කිසියම් අයෙකු ෆේස්බුක් වෙත ඡායාරූපයක් එක් කිරීමේදී එහි සිටින පුද්ගලයන්ගේ මුහුණු ස්කෑන් කිරීමක් සිදු නොවනු ඇත.

facial recognition තාක්ෂණයත් සමග ෆේස්බුක් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පවා පසුගිය කාල සීමාවේදී ගෙන තිබුණා.

දිගින් දිගටම එල්ලවන චෝදනා හමුවේ ෆේස්බුක් ආයතනය මේ වනවිට වෙනස්කම් රැසක් සිදුකරමින් සිටින අතර මෙටා නමින් මව් සමාගම යළි නාමකරණය කිරීමද ඊට අන්තර්ගතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?