යුද හමුදාවේ සිටි සැමියා කුඩු නඩුවකට හිරේ

යුද හමුදාවේ සේවයේ නියුතුව සිටි සැමියා පොලිස් අත්අඩංගුවට පත්වී බන්ධනාගාර ගත කිරීම නිසා ජීවත්වීමට මඟක් නැති බව කියමින් ඊසි කෑෂ් ක්‍රමයට කුඩු ජාවාරමක නිරත වූ තරුණ තිදරු මවක තිසර පටයේ සඟවා ගෙන පැමිණි හෙරොයින් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සමඟ අනුරාධපුරය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් 30දා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සුදු අයියා නමින් හඳුන්වන මහ පරිමාණ හෙරොයින් ජාවාරම්කරුගේ හෙරොයින් ස්ථාන ගත කිරීමේ ජාවාරමේ කාන්තාවක නිරත වී සිටින බවට පොලිස් කණ්ඩායමට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර නව නගරයේ ප්‍රසිද්ධ අමතර පන්තියක් ආසන්නයේදී සැකකාරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය සමාව ඇයද ඇතත් පොලිසිය එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.

සැකකාරිය සන්තකයේ තිබී රුපියල් දෙලක්‍ෂයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 550ක ප්‍රමාණයක් සහිත කුඩා පැකට් 21ක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී තිබිණි.

ඇය අනුරාධපුර නව නගර බස් නැවතුමෙන් ජාවාරම්කරුගේ හෙරොයින් පාර්සලය රැගෙන තිසර පටයේ සඟවාගන ස්ථානගත කිරීමට යද්දී පොලිස් නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබීය.

සිය සැමියා හෙරොයින් ජාවාරම නිසා බන්ධනාගාර ගතවී සිටිනා බවත් තමන්ට හා දරුවන්ට ජීවත්වීමට හා ලොරි රථ තුනක ලීසිං ගෙවා ගැනීමට මුදල් නොමැති නිසා ජාවාරමට යොමුවූ බව ඇය පොලිසියට පවසා තිබේ.

සැකකාරිය සැමියා සමඟ හෙරොයින් පානයට ඇබ්බැහිවූවකු බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගෙන තිබිණි. සැකකාරිය හා ඇගේ සැමියා වන හිටපු යුද හමුදා සෙබළා මීට පෙර සතිපොළවල වෙළෙ¼දාම් කටයුතු සිදුකිරීමට ලොරි රථ ලීසිං පහසුකම් යටතේ ලබාගෙන ඇති බවත් මේ වන විට ඒවාට මුදල් ගෙවීමට නොහැකිව ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 29ක තිදරු මවක වන අතර ඇය ශ්‍රාවස්තිපුර සුදර්ශන මාවතේ පදිංචිකාරියකි. සැකකාරිය 31දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර විජේකෝන්, උප පොලිස් පරීක්‍ෂක සිසිර, පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර (48317), නිසාම් (61406), කාන්තා පොලිස් සැරයන් දිලූකා (1192), පොලිස් කොස්තාපල්වරුන් වන රාජරත්න (66034), ජයසිංහ (33280) යන නිලධාරීන් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56