AFC Banner
Empty Ad
Empty Ad

බෝගම්බර බන්ධනාගාර ඩොක්ටර්ගෙන් රැඳවියන්ට ආදරණීය සැලකිල්ලක්

කාන්තා රැඳවියන්ට ජංගම දුරකථන හා ඊට අයත් උපාංග ලබාදී මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (29දා) අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන කාන්තා අංශයේ රැදවියන්ට ජංගම දුරකථන හා ඊට අදාළ උපාංග ලබාදී වෛද්‍ය නිලධාරියාගේ නමට මුදල් බැර කර ගන්නා ලද රිසිට්පතක් හා ලද තොරතුරු මත බන්ධනාගාර අධිකාරිවරයා විසින් නිලධාරීන් කණ්ඩායමක් යොදවා රහසිගත විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත.

ඒ අනුව ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියා සිටින බන්ධනාගාර රෝහලේ නිල කාමරයේදී වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණි සැකකාරියකට ජංගම දුරකථන ආරෝපණයක් හා ජංගම දුරකථන බැටරි දෙකක් ලබාදීමට උත්සාහ දැරූ අවස්ථාවේ වහාම ක‍්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලදී.

වැඩිදුර ප‍්‍රශ්න කිරීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට ඉදිරිපත් කළ අවස්ථාවේ මීට පෙර අවස්ථාවල ජංගම දුරකථන කාන්තා රැුඳවියන්ට මුදලට විකිණූ බවට වෛද්‍යවරයා පිළිගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය වෙත දැනුම් දී ඇති අතර, සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යොදවා මූලික විමර්ශනයක් සිදුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?