බෝගම්බර බන්ධනාගාර ඩොක්ටර්ගෙන් රැඳවියන්ට ආදරණීය සැලකිල්ලක්

කාන්තා රැඳවියන්ට ජංගම දුරකථන හා ඊට අයත් උපාංග ලබාදී මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (29දා) අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන කාන්තා අංශයේ රැදවියන්ට ජංගම දුරකථන හා ඊට අදාළ උපාංග ලබාදී වෛද්‍ය නිලධාරියාගේ නමට මුදල් බැර කර ගන්නා ලද රිසිට්පතක් හා ලද තොරතුරු මත බන්ධනාගාර අධිකාරිවරයා විසින් නිලධාරීන් කණ්ඩායමක් යොදවා රහසිගත විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත.

ඒ අනුව ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියා සිටින බන්ධනාගාර රෝහලේ නිල කාමරයේදී වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණි සැකකාරියකට ජංගම දුරකථන ආරෝපණයක් හා ජංගම දුරකථන බැටරි දෙකක් ලබාදීමට උත්සාහ දැරූ අවස්ථාවේ වහාම ක‍්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලදී.

වැඩිදුර ප‍්‍රශ්න කිරීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට ඉදිරිපත් කළ අවස්ථාවේ මීට පෙර අවස්ථාවල ජංගම දුරකථන කාන්තා රැුඳවියන්ට මුදලට විකිණූ බවට වෛද්‍යවරයා පිළිගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය වෙත දැනුම් දී ඇති අතර, සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යොදවා මූලික විමර්ශනයක් සිදුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26