විෂ මුද්දෙන් රජුව මරන්න හැදු ඔටුන්න හිමි කුමාරයා

විෂ පෙවූ මුද්දකින් සෞදි රජුව ඝාතනය කරන්න හැදු සැලසුම
සෞදි අරාබිය පාලනය කළ අබ්දුල්ලා රජු මරා දැමීමට ඔටුන්න හිමි සල්මාන් කුමරු වරක් යෝජනා කළ බවට එරට හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටිනවා.

අබ්දුල්ලා රජු 2015 වර්ෂයේදී අභාවප්‍රාප්ත වුවා.

CBS නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සෞදි අරාබියේ හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වන සාද් අල්- ජබ්රි සඳහන් කලේ ඔටුන්න හිමි කුමරු වන සල්මාන් කුමරු විසින් සිය ඥාති සහෝදරයින් වෙත රජු ඝාතනය කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ බවයි.

” 2014 වර්ෂයේ දී ඔටුන්න හිමි සල්මාන් කුමරු අබ්දුල්ලා රජු ඝාතනය කිරිම සඳහා යෝජනා කළා ඔහුගේ ඥාතිසහෝදරයින්ට. එවකට ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් බින් නායිෆ් කුමරුට මේ යෝජනාව සිදුකළා.” එම බුද්ධි අංශ නිලධාරියා පැවසුවා.

සල්මාන් කුමරුට අවශ්‍යව තිබුණා ඔහුගේ පියාට සෞදියේ පාලකයා වීමට අවශ්‍ය මාර්ගය සකස් කරන්න.

” මට ඔහුව මරන්නයි අවශ්‍ය. ඒකට රුසියාවෙන් විෂ පෙවූ මුද්දක් ලබා ගන්න මට පුළුවන්. අබ්දුල්ලා රජුට අතට අත දෙන්න පමණයි අවශ්‍ය මට. එතැනින් එහාට ඔහුගේ කතාව අහවරයි” සල්මාන් කුමරු විසින් ප්‍රකාශ කළ බවයි සාද් අල්- ජබ්රි ප්‍රකාශ කළේ.

මෙම හමුව රහසිගතව පැවැත්වුවත් එය කැමරා කොට අදාළ වීඩියෝ කොපි දෙකක් රහසිගත ස්ථානයක සඟවා තිබෙන බවද ජබ්රි සඳහන් කර සිටියා.

2015 වර්ෂයේ දී අබ්දුල්ලා රජු අභාවප්‍රාප්ත වූ අතර ඉන් පසුව මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ පියා සෞදි අරාබියේ රජු වශයෙන් නම් කරනු ලැබු අතර එවකට ස්වදේශ කටයුතු කළ මොහොමඩ් බින් නායිෆ් ඔටුන්න හිමි කුමරු ලෙස නම් කර සිටියා.

කෙසේ වුවත් 2017 වර්ෂයේදී මොහොමඩ් බින් නායිෆ් ධුරයෙන් ඉවත් කෙරුණු අතර, ඔහුගේ ස්ථානයට මොහොමඩ් බින් සල්මාන් කුමරු පත් කරනු ලැබුවා.

කෙසේ වුවත් මොහොමඩ් බින් නායිෆ් කුමරු දැරූ ඇමති පදවියෙන් ද ඔහු ඉවත් කොට නිවාස අඩස්සියට පත් කෙරුණා.

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් ද සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ට චෝදනා එල්ල වූවා.

කෙසේ වුවත් මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැනට නඩු විභාගයක් ද සෞදියේ ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37