ගොවි උද්ඝෝෂණයක් අතරතුර ගොවියන් යටකර පලා ගිය ආණ්ඩු පක්ෂ නායකයා අත්අඩංගුවට

පසුගිය ඔක්තොම්බර් 03 වැනිදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී ලක්හිම්පූර් ප්‍රදේශයේ විරෝධතාවයේ නිරතව සිටි ගොවීන් යට කර පළා ගිය SUV රථයේ පිරිස මේ වන විට ඉන්දියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ලක්හිම්පූර් නායකයා ලෙස කටයුතු කරන සුමිත් ජයිස්වාල් සහ තවත් සිව්දෙනෙක්.

මෙම පිරිස විසින් ගොවීන් යට කර පළා යන අවස්ථාවේ ඔවුනට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ ගොවීන්ට එරෙහිවද මෙහිදී මිනීමැරීමට තැත් කිරීම යටතේ චෝදනා ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

වාහනයේ ගැටීම හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ.

අනතුරින් පසුව කෝපයට පත් ගොවියන් විසින් දේශපාලනඥයාගේ වාහනය ගිනි තබා විනාශ කොට තිබුණු බවත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?