නෙදර්ලන්තයේ රූ රැජිනිගේ ඔටුන්න ප්‍රසිද්ධියේ ගැලවෙයි..

නෙදර්ලන්තයේ රූ රැජිනිය ලෙස කිරුළු පැලැඳි 21 හැවිරිදි ඩිලේ විලෙම්ස්ටෙයින් සිය COVID-19 එන්නත් මාත්‍රාව ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගින්ම මේ වසරේදී පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට සහභාගි වීමේ අවස්ථාව ඇයට අහිමි වී යන නිසා ඇයගේ කිරුළ ගලවා දෙවැනියාට දීමට තීන්දු කර ඇතැයි වාර්තා වනවා.

මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා සහභාගි වත සියලුම රූප රාජිනියන් COVID-19 එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පූර්ණ එත්නත්කරණයක් සිදු කරගත යුතුව ඇති බවට එහි සංවිධායකයන් දැනුම් දී තිබියදී නිරූපිකාවක සහ නර්තන ශිල්පිනියක වන ඩිලේ තවමත් තමන් එම එන්නත් ලබා ගැනීමට සූදානමක් නොමැති බව පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

“එන්නත ලබා ගන්න තවමත් මම පෞද්ගලිකවම සූදානම් නැහැ. එන්නත ගැන මට තවම හොඳක් දැනෙන්නේ නෑ.

ඉදිරියේදී මම එන්නත ලබා ගන්න යොමු වේවි.” යනුවෙන් ඇය පවසා තිබුණා.

ඒ අනුව ඇගේ ස්ථානය නෙදර්ලන්ත රූප රාජිනී තරගයේ දෙවැනි ස්ථානය හිමි කරගත් lizzy dobbe වෙත පිරිනැමීමට නෙදර්ලන්ත බලධාරින් පියවර ගෙන තිබෙනවා.

ලබන දෙසැම්බර් මාසයේදී පෝර්ටෝ රිකෝහිදී ලෝක රූ රැජිනී තරගය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42