හිටපු ආරක්‍ෂක ඇමැතිගේ පුත්‍රයා ඇමෙරිකාවේ සුපිරි මැඳුරක් මිලට ගනියි

ඇෆ්ගනිස්තානයේ හිටපු ආරක්‍ෂක ඇමැති රයිම් වෝඩක් ගේ පුත් ඩාවුඞ් වෝඩක් ඇමෙරිකාවේ සුපිරි කෝටිපතියන් වාසය කරන බෙවර්ලි හිල්ස් ප්‍රදේශයේ මැඳුරක් ඩොලර්  මිලියන 20.9කට මිලදී ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඔහුට මියාම් වෙරළ ප්‍රදේශයේද ඩොලර් මිලියන 5.2 ක සුවිසල් මැඳුරක් තිබෙනවා. ඩවුඞ් අබිරහස් ව්‍යාපාරිකයෙක් බව ද වාර්තා වෙනවා. එහෙත් සුවිසල් මැඳුරු මිලට ගැනීමට ඔහුට මුදල් ලැබුණේ කුමන මාර්ගයකින්ද යැයි හෙළි වී නැති බවයි සඳහන් වන්නේ.