වීඩියෝ ක්‍රීඩා සතියකට පැය තුනකට වඩා කිරීම තහනම්!

වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන්ට සතියකට පැය තුනකට වඩා වැඩි කාලයක් අන්තරජාල වීඩියෝ ක්‍රීඩා කිරීම තහනම් කරමින් චීනය නව නීතියක් පනවා තිබේ.

එමෙන්ම සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ළමයින්ට මෙසේ අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා කිරීමද චීනය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සිකුරාදා සිට ඉරිදා දක්වා රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණක් කැමති නම් වීඩියෝ ක්‍රීඩාවක නිරත වීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.

මෙම තහනම සියලුම වීඩියෝ ක්‍රීඩා සඳහා අදාළ වන නමුදු, චීනයේ ජාතික මුද්‍රණ හා ප්‍රකාශන පරිපාලනය විසින් නිකුත් කරන ලද බලාත්මක කිරීමේ පියවර මූලික වශයෙන් ඉලක්ක කර ඇත්තේ ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා සහ සූදු ක්‍රීඩාවට අදාළ මාර්ගගත සේවාවන්ට බවද සඳහන් වෙයි.

මීට පෙර චීනය විසින් වයස අවුරුදු 18න් පහළ ඕනෑම අයෙකුට වීඩියෝ ක්‍රීඩා කිරීමේ කාලය ඕනෑම දිනයක පැය 1.5කටත් 2019  නිවාඩුවේ පැය තුනකටත් සීමා කර තිබුණි. ඒ අනුව දැන් නව නීතිය යටතේ මෙය සතියකට පැය 3ක් පමණක් වීඩියෝ ක්‍රීඩාවට අවස්ථාව ලබාදී අතර, ජංගම දුරකථන, ඇතුළු සියලු උපාංගවලින් සිදුකරන වීඩියෝ ක්‍රීඩාවන් සෙසු දිනවල දැඩිව තහනමට ලක්වෙයි.

මෙය බාලවයස්කරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමටත්, චීනයේ ජාතික පුනර්ජීවන යුගය තරුණ පරම්පරාවේ මනස තුළ වගා කරමින්, ඔවුන් ඒ හා සම්බන්ධ කිරීමට මෙම අතිශය වැදගත් පියවර ගත් බවත් චීනයේ නීයාමකයන් අවධාරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56