බදුල්ල මහ රෝහලේ සේවයකළ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙක් පෙරේදා (05 වැනිදා) සවස හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෛද්‍යවරයා ගාල්ල , වක්වැල්ල පදිංචිව සිටි චානක හලින්ත ලොකුගේ නැමති 46 හැවිරිදි අයෙකි.
ඔහු බදුල්ල, කයිලගොඩ ප්‍රදේශයේ කුලී නිවසක තාවකාලිකව පදිංචිවී සිට ඇත.
එම නිවස තුළ ඔහු සිහිසුන්ව සිටින බවට නිවෙස් හිමියා කළ දැනුම් දීමට අනුව තමා සහ තවත් සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් වහාම එහි ගිය බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක හා බදුල්ල ශාඛා සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවැසීය.
එහිදී ප්‍රථමාධාර ලබාදී වෛද්‍යවරයා බදුල්ල මහ රෝහලට රැගෙන ආ නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.
හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.




