AFC Banner
Empty Ad
Empty Ad

මියැදෙන පුතුට ජීවය දෙන්න තම සිරුර දන් දුන් අම්මා

අක්මාව සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වූ තම පුතුට මවගේ අක්මාවෙන් කොටසක් බද්ධ කිරීමේ විශේශිත ශල්‍යකර්මයක් ඉකුත්දා සාර්තකව සිදු කල බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසති. පහලොස් දෙනෙකුට වැඩි වෛද්‍යවරු පිර්සක් විසින් මෙම සැත්කම සිදු කර තිබේ. ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ අක්මාවෙන් කොටසක් ගෙන දරුවෙකුට බද්ධ කල ප්‍රතම අවස්තාව මෙය බවත් එය ඉතා සාර්තක වූ බවත් පේරාදෙණිය රෝහල ප්‍රකාශ කර තිබෙනවා.

මේ සැත්කම සදහා පැය 13 කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මවගෙන් ලබාගන්නා ලද අක්මාවේ කොටසක් මෙසේ බද්ධ කර තිබෙන්නේ ඇළහැර බකමූණ පදිංචි වයස අවුරුදු පහලවක් වෙන පුතෙකු සහ වයස අවුරුදු තිස් හතක් වන මවක්‍ ය.

කලක සිට සිරුර කහවීම, උදරය පිම්බීම වැනි රෝග වලට ප්‍රතිකාර ගැනීමට බකමූන රෝහලට කැටුව ගිය දරුවා පරීක්ෂා කල බැලූ වෛද්‍යවරු මෙම දරුවා පේරාදෙණිය රෝහල වෙත මාරු කර යවා තිබීණි. එහිදී ඔහුගේ අක්මාව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබෙන බව දැනගත් වෛද්‍යවරු ඔහුට අක්මා බද්ධයක් සිදු කල යුතු බව නිර්ණය කරන ලදි.

ඒ අනුව මවගේ අක්මාව පරීක්ෂා කල බැලූ වෛද්‍යවරයා තිස් හත් හැවිරිදි මවගේ කොටසක් දරුවාට බද්ධ කොට සැත්කම සාර්තකව නිමා කරන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
114
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?