AFC Banner
Empty Ad
Empty Ad

දත් ගැලවෙන්න තාත්තට ගහපු පුතාට හක්මන පොලිසීයෙන් අමතක නොවෙන පාඩමක්!

ඉඩම්‌ ආරවුලක්‌ පිළිබඳව ඇතිවූ මත ගැටුමකදී තම පියාගේ දතක්‌ කැඩෙන්න පහරදුන්‌ අජාසත්‌ පුතකු පොලිසියේදී පියාට වඳින ගාථාව ශබ්ද නගා කියා පියාණන්ගෙන් සමාව ගත් පුවතක් හක්මන පොලීසියෙන් වාර්තා වේ.

පහර කෑමට ලක් වූ පනස් දෙහැවිරිදි තිදරු පියෙකු විසින්‌ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුඒ පුතෙකු චන තිස්‌ එක්‌ හැවිරිදි දෙදරු පියකු ඉකුත්‌ දෙවැනි දින අත්‌අඩංගුවට ගෙන ඇත. පහරදීම සිදුකළ පුද්ගලයාගේ බිරිය හා දරුවන්ද පහර කෑමට
ලක්වූ පියා සහ අනෙක්‌ දරුවන්‌ දෙදෙනාද පොලීසියට කැඳවා විමර්ශනයක්‌ කෙරිණි.

සිය පියා අහිංසක අයෙකු බව දරුවන් දෙදෙනෙකු පොලීසියේදී පව්සා සිටි අතර පහරදීම සිදු කල පුතා විවිධ කරුණු කියමින් කරමින් පියාට දොස් පැවරීය.

සැකකරු තම පියාට පහරදී ඇති බව විමර්ශනයේදී අනාවරණය වීමෙන්‌ පසු පියාට පහරදී තුවාල සිදුකිරීම බරපතළ වරදක්‌ බව සැකකාර පුතාට පොලිසිය කරුණු පහදා දී සිදුවීම සම්බන්ධයෙන්‌ අධිකරණයට කරුණු වාර්තා කර නඩු පවරණ බව දැන්වීය. ඒ සමග තම
පුතා උසාවියට ගෙන තෞයන ලෙසත්‌ තම පුතාට අවවාද සිදුකර සමෟව දෙන ලෙසත්‌ කඳුළු පිරි දෙනෙතින්‌ යුතුව පියා පොලිසියෙන්‌ ඉල්ලා සිටියේය.


සැකකරුට දැඩි ලෙස අවවාද කිරීමෙන්‌ පසු පහරදුන්‌ පුතා පියාට වඳින ගාථාව ශබ්ද නගා කියමින්‌ පියාගේ දෙපාමුල වැඳ වැටී නැවත මෙවැනි වැරදි නොකරන බවට පොරොන්දුවී සමාව අයද සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?