දත් ගැලවෙන්න තාත්තට ගහපු පුතාට හක්මන පොලිසීයෙන් අමතක නොවෙන පාඩමක්!

ඉඩම්‌ ආරවුලක්‌ පිළිබඳව ඇතිවූ මත ගැටුමකදී තම පියාගේ දතක්‌ කැඩෙන්න පහරදුන්‌ අජාසත්‌ පුතකු පොලිසියේදී පියාට වඳින ගාථාව ශබ්ද නගා කියා පියාණන්ගෙන් සමාව ගත් පුවතක් හක්මන පොලීසියෙන් වාර්තා වේ.

පහර කෑමට ලක් වූ පනස් දෙහැවිරිදි තිදරු පියෙකු විසින්‌ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුඒ පුතෙකු චන තිස්‌ එක්‌ හැවිරිදි දෙදරු පියකු ඉකුත්‌ දෙවැනි දින අත්‌අඩංගුවට ගෙන ඇත. පහරදීම සිදුකළ පුද්ගලයාගේ බිරිය හා දරුවන්ද පහර කෑමට
ලක්වූ පියා සහ අනෙක්‌ දරුවන්‌ දෙදෙනාද පොලීසියට කැඳවා විමර්ශනයක්‌ කෙරිණි.

සිය පියා අහිංසක අයෙකු බව දරුවන් දෙදෙනෙකු පොලීසියේදී පව්සා සිටි අතර පහරදීම සිදු කල පුතා විවිධ කරුණු කියමින් කරමින් පියාට දොස් පැවරීය.

සැකකරු තම පියාට පහරදී ඇති බව විමර්ශනයේදී අනාවරණය වීමෙන්‌ පසු පියාට පහරදී තුවාල සිදුකිරීම බරපතළ වරදක්‌ බව සැකකාර පුතාට පොලිසිය කරුණු පහදා දී සිදුවීම සම්බන්ධයෙන්‌ අධිකරණයට කරුණු වාර්තා කර නඩු පවරණ බව දැන්වීය. ඒ සමග තම
පුතා උසාවියට ගෙන තෞයන ලෙසත්‌ තම පුතාට අවවාද සිදුකර සමෟව දෙන ලෙසත්‌ කඳුළු පිරි දෙනෙතින්‌ යුතුව පියා පොලිසියෙන්‌ ඉල්ලා සිටියේය.


සැකකරුට දැඩි ලෙස අවවාද කිරීමෙන්‌ පසු පහරදුන්‌ පුතා පියාට වඳින ගාථාව ශබ්ද නගා කියමින්‌ පියාගේ දෙපාමුල වැඳ වැටී නැවත මෙවැනි වැරදි නොකරන බවට පොරොන්දුවී සමාව අයද සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23