AFC Banner
Empty Ad
Empty Ad

”යොහානි” ගැන ඇමැති බන්දුල පාර්ලිමේන්තුවේදී කවි කියයි

ලෝකයේම කතාබහට ලක්ව ඇති “මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කරන යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී කවියකින් සුබ පැතුම් එක් කළා.

” මැණිකේ වදනින් ලොවක් කැළඹු
මිහිරි ගීයෙන් සවන් සැනසූ
සිහින කුසුමන් දෑස තැවරූ
යොහානි දුවට අපේ සුබපැතුම් “

යනුවෙන් බන්දුල ගුණවර්ධන එම කවි පදය තාලයට ගායනා කළා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි දියණියට තමා හදවතින්ම සුබ පතන බව ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර යොහානි රටට ලබා දුන් කීර්තිය අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ද අද පාර්ලිමේන්තුවේ දී ඇයගෙන් ඉල්ලීමක් කළා.

“යොහානි ද සිල්වා ඉන්දියාව ම හෙල්ලුම් කෙරුවා. මෙතන ඉන්න හැම පක්ෂයක ම මන්ත්‍රීවරු මාත් එක්ක එකතු වේවි. ඇය මේ රටට ගෙනාවේ ලොකු කීර්තියක්. ඇය මේ රටේ නම ඉදිරියට ගෙන ගියා. ඉන්දියාවේ ගරු අගමැතිතුමන්ගේ සිට සියලු දෙනා ම ඇයට සුබ පතමින් ඇය ඉහළට ඔසවා ගත්තා. හැබැයි මම කියනවා, යොහානි මගේ මැණික, ඔබේ ජනප්‍රියතාව දේශපාලනයට දෙන්න එපා. මොක ද ඒක භයානකයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?