”යොහානි” ගැන ඇමැති බන්දුල පාර්ලිමේන්තුවේදී කවි කියයි

ලෝකයේම කතාබහට ලක්ව ඇති “මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කරන යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී කවියකින් සුබ පැතුම් එක් කළා.

” මැණිකේ වදනින් ලොවක් කැළඹු
මිහිරි ගීයෙන් සවන් සැනසූ
සිහින කුසුමන් දෑස තැවරූ
යොහානි දුවට අපේ සුබපැතුම් “

යනුවෙන් බන්දුල ගුණවර්ධන එම කවි පදය තාලයට ගායනා කළා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි දියණියට තමා හදවතින්ම සුබ පතන බව ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර යොහානි රටට ලබා දුන් කීර්තිය අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ද අද පාර්ලිමේන්තුවේ දී ඇයගෙන් ඉල්ලීමක් කළා.

“යොහානි ද සිල්වා ඉන්දියාව ම හෙල්ලුම් කෙරුවා. මෙතන ඉන්න හැම පක්ෂයක ම මන්ත්‍රීවරු මාත් එක්ක එකතු වේවි. ඇය මේ රටට ගෙනාවේ ලොකු කීර්තියක්. ඇය මේ රටේ නම ඉදිරියට ගෙන ගියා. ඉන්දියාවේ ගරු අගමැතිතුමන්ගේ සිට සියලු දෙනා ම ඇයට සුබ පතමින් ඇය ඉහළට ඔසවා ගත්තා. හැබැයි මම කියනවා, යොහානි මගේ මැණික, ඔබේ ජනප්‍රියතාව දේශපාලනයට දෙන්න එපා. මොක ද ඒක භයානකයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23