ග්‍රාම නිලධාරිවරයෙකුව කපාකොටා ඝාතනය කරයි

අඹන්පොළ දකුණ ග්‍රාම නිලධාරීවරයාව අද (04) පෙරවරුවේ කිසියම් පිරිසක් විසින් කපාකොටා ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ එස්.එම්. සපුකුමාර නමැති 51 හැවිරිදි තිදරු පියෙකි.

රාජකාරි සඳහා යමින් සිටින අතරතුර වෑන් රථයකින් පැමිණි පිරිසක් අනුරාධපුර උදංගාව ප්‍රදේශයේදී ඔහුව කපාකොටා තුවාල සිදුකර පළාගොස් තිබුණි.

බරපතළ තුවාල ලැබූ ග්‍රාම නිලධාරීවරයාව රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තත් රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත.