AFC Banner
Empty Ad
Empty Ad

එකම විනාඩියෙ තුන් නිවුන් දරු උපතක්..!

පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා කෑගල්ල ශික්ෂණ රෝහලේ අපූරු දෙයක් සිද්ධ වුණා. කෑගල්ල, හෙට්ටිමුල්ල, විල්ලන්ගම්මුල්ල පදිංචි 42 වියැති, වී. ජයන්ති මහත්මිය තමගේ දරු ප්‍රසූතිය සඳහා කෑගල්ල ශික්ෂණ ‍රෝහලට ඇතුළත් වුණා.

විශේෂත්වය වෙන්නෙ ඇය තුන් නිවුන් දරුවන් බිහිකිරීමට බලාපොරොත්තුවෙන් සිටීමයි. හදිසියේ ඇයට ඇති වූ සංකූලතාවයන් හේතුවෙන් කලින් සැලසුම් නොකල හදිසි සිසේරියන් සැත්කමකින් දරුවන් බිහිකිරීමට සිදුවන බව වෛද්‍යවරුන් තීරණය කරනවා.

ඉතින් මේ කටයුත්ත සිදුකෙරෙන්නේ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිළධාරි වෛද්‍ය තරංග හේරත් මහතාගේ අතින්.

එදින එනම් 2021.09.26 වෙනිදා පෙ.ව.10.29 ට එහෙනම් නැතිනම් තත්පර 60 ක් ඇතුළත දි (එකම විනාඩියක් ඇතුලතදී) නිවුන් දරුවන් තුන් දෙනාම නිරුපද්‍රිත ව සැත්කම මගින් බිහි වීම මෙහි විශේෂත්වය වෙනවා.

දරුවන් තිදෙනාම ගැහැණු දරුවන් වන අතර ඔවුන් 1.8kg , 1.6kg හා 1.1kg බරින් යුතු නිරෝගී දරුවන් වුණා. ඉන් කුඩාම දරුවා සැත්කමෙන් පසු නොමේරූ ළදරු ඒකකය වෙත භාර දුන්නා.

කෑගල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු, ශල්‍යාගාරය, නොමේරු ළදරු ඒකකය, යන අංශ වල රාජකාරි කරන සේවකයනගේ නොමද සහය මේ සඳහා ලැබුණු බව පැවසෙනවා. කුරුණෑගල මලියදේව විදුහලේ කීර්තිමත් ආදිශිෂ්‍යයකු වන තරංග හේරත් මහතා මින් පෙර ද මෙවැනි දක්ෂතා පෙන්වා තිබෙනවා.

වාට්ටු භාර විශේෂඥ (ප්‍රසව හා නාරී) වෛද්‍ය ජානක ජයසිංහ මහතා හා නොමේරු ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය අරුණ පීරිස් මහතාට විශේෂ ස්තූතිය පල කරන බව වෛද්‍ය තරංග හේරත් මහතා අප වෙත පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?