එකම විනාඩියෙ තුන් නිවුන් දරු උපතක්..!

පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා කෑගල්ල ශික්ෂණ රෝහලේ අපූරු දෙයක් සිද්ධ වුණා. කෑගල්ල, හෙට්ටිමුල්ල, විල්ලන්ගම්මුල්ල පදිංචි 42 වියැති, වී. ජයන්ති මහත්මිය තමගේ දරු ප්‍රසූතිය සඳහා කෑගල්ල ශික්ෂණ ‍රෝහලට ඇතුළත් වුණා.

විශේෂත්වය වෙන්නෙ ඇය තුන් නිවුන් දරුවන් බිහිකිරීමට බලාපොරොත්තුවෙන් සිටීමයි. හදිසියේ ඇයට ඇති වූ සංකූලතාවයන් හේතුවෙන් කලින් සැලසුම් නොකල හදිසි සිසේරියන් සැත්කමකින් දරුවන් බිහිකිරීමට සිදුවන බව වෛද්‍යවරුන් තීරණය කරනවා.

ඉතින් මේ කටයුත්ත සිදුකෙරෙන්නේ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිළධාරි වෛද්‍ය තරංග හේරත් මහතාගේ අතින්.

එදින එනම් 2021.09.26 වෙනිදා පෙ.ව.10.29 ට එහෙනම් නැතිනම් තත්පර 60 ක් ඇතුළත දි (එකම විනාඩියක් ඇතුලතදී) නිවුන් දරුවන් තුන් දෙනාම නිරුපද්‍රිත ව සැත්කම මගින් බිහි වීම මෙහි විශේෂත්වය වෙනවා.

දරුවන් තිදෙනාම ගැහැණු දරුවන් වන අතර ඔවුන් 1.8kg , 1.6kg හා 1.1kg බරින් යුතු නිරෝගී දරුවන් වුණා. ඉන් කුඩාම දරුවා සැත්කමෙන් පසු නොමේරූ ළදරු ඒකකය වෙත භාර දුන්නා.

කෑගල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු, ශල්‍යාගාරය, නොමේරු ළදරු ඒකකය, යන අංශ වල රාජකාරි කරන සේවකයනගේ නොමද සහය මේ සඳහා ලැබුණු බව පැවසෙනවා. කුරුණෑගල මලියදේව විදුහලේ කීර්තිමත් ආදිශිෂ්‍යයකු වන තරංග හේරත් මහතා මින් පෙර ද මෙවැනි දක්ෂතා පෙන්වා තිබෙනවා.

වාට්ටු භාර විශේෂඥ (ප්‍රසව හා නාරී) වෛද්‍ය ජානක ජයසිංහ මහතා හා නොමේරු ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය අරුණ පීරිස් මහතාට විශේෂ ස්තූතිය පල කරන බව වෛද්‍ය තරංග හේරත් මහතා අප වෙත පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00