අද සිට ඩිජිටල් වූ අත්සන

අධිකරණ අමාත්‍යාංශය ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අද දින (04) ආරම්භ කරනු ලැබුවා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් අද දින පෙරවරුවේ ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවක් පත් කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා අමාත්‍යවරයාගේ ඩිජිටල් අත්සන තබමින් නිල වශයෙන් ඩිජිටල් අත්සන් භාවිත කිරීමේ වැඩ සටහන ආරම්භ කරනු ලැබුවා.

කොවිඩ්-19 වැනි වසංගත අවස්ථාවන්වලදී දුරස්ථව සිට රාජකාරී කටයුතු සිදු කිරීමේදී ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබා දීම මෙහි ප්‍රධානතම අරමුනයි.

ඩිජිටල් අත්සන යනු ISO 27001:2013 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ආරක්ෂිතත, පහසු හා ලාභදායී විසදුමක් වන අතර 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පනත යටතේ නීතිමය පිළිගැනීමක් සහිත විසඳුමකි.

ඉදිරියේදි අධිකරණ අමාත්‍යාංශය හා අධිකරණ තුළ ඩිජිටල් අත්සන යොදා ගනිමින් සාමාන්‍ය ජනතාවට වඩාත් වේගවත්ව මෙන්ම කාර්යක්ෂමව ලිපි, ලේඛන හා වාර්තා යනාදිය මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18
Video thumbnail
කොටි නායකයෙකුගේ ගුණ වයපු මන්ත්‍රීවරයාට වැඩ වරදියි
04:03
Video thumbnail
ටිල්වින් සිල්වා පාර්ලිමේන්තුවේ බලය හෑල්ලු කළා
04:49
Video thumbnail
මමයි විමලුයි හොඳ යාළුවෝ - කරදරයක් වුණාම බලන්න යනවා
04:49
Video thumbnail
බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම - "හොඳට හෝදන්න - ආයේ කෙළ ගහන්න බෑ"
01:04
Video thumbnail
මන්ත්‍රී ධුරය අහෝසි කිරීම ගේන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීලා බලහත්කාරයෙන් තියාගන්න - එයාලා බයවෙලා
01:22
Video thumbnail
ටිල්වින් දැන් මැතිවරණ කොමසාරිස් වෙලා - කවද්ද දිවුරුම් දුන්නද දන්නේ නෑ
02:24
Video thumbnail
රනිල් දැන් රිටයර් වෙලා ඉන්නේ - ආයේ එනවද..?
04:24
Video thumbnail
ජාඇල උණුසුම් තත්ත්වයක් - අපේ වන්දි මුදල් මෙවුන් හොරා කාලා, හෙරියකුත් ඉන්නවා..අපි කන්නෙත් මහපාරේ
03:36