යොහානිට රජයෙන් සම්මානයක් දෙන්න යයි

ලොවපුරා ජනප්‍රිය වී සිටි නව පරපුරේ ගායිකාවක් වන යෝහානි සිල්වාට ඉදිරියේදී රාජ්‍ය සම්මානයක් ලබාදීමට නියමිත බව අද පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය වුණා.

ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරය හමුවේ ඉහළට ඔසවා තැබූ යෝහානි සිල්වාට රජයෙන් නිසි ඇගයීමක් සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නයකට සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මේ බව ප්‍රකාශ කර සිටියා.

” ශ්‍රී ලංකා නාමයට ජාත්‍යන්තරය හමුවේ කීර්තියක් අත්කර දීමට කලාකාරිණියක් ලෙස යෝහානි කටයුතු කළා. විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී ඇයට රාජ්‍ය සම්මානයක් ලබා දීමට කටයුතු කිරීමට නියමිතයි. අපි ඇයට සුබ පැතුම් එකතු කරනවා” යැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කර සිටියා.

සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ විසින් පාර්ලිමේන්තුවේ දී සිය වාචික ප්‍රශ්න නගිමින් මෙම ප්‍රශ්නය නගා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38