කිරුළක් නිසා කතාබහට ලක් වූ පුෂ්පිකා උපන් දිනය සැමරූවේ මෙහෙමයි – Photos

විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා මෙනවිය පිළිබඳ රූ රැජින කිරුල ලැබුණු අවස්ථාවේ පටන් ඇය ගැන විවිද කතා අසන්නට ලැබුනා. පසුගිය කාලයේත් පුෂ්පිකා ගැන සමාජ මාධ්‍යන් වල විතරක් නොවෙයි රුපවාහිනී ප්‍රවෘත්ති තුලත් කතාබහට ලක් වුන චරිතයක්.

නමුත් ඉතින් ඒ පලවන සෑම දෙයකටම උත්තර දෙමින් ඇය කියලා තිබුනේ ඒ බොහෝ පුවත් සත්‍ය ඒවා නොවන බවයි.

ඉතින් පසුගිය දිනයට ඇයගේ උපන්දිනය යෙදිලා තිබුණු නිසා ඇය ඒ දිනය ලස්සනට සමරලා තිබුනේ මල් වලින් සරසාගෙන. එහිදී ඇය මෙවැනි සටහනකුත් තියලා තිබුනා.

මම මේ ප්‍රීතිමත් මොහොතේ, පළමුවෙන්ම මේ ආශිර්වාද ලත් ජීවිතය මට ලබාදීම වෙනුවෙන් සර්වබලධාරී දෙවියන් වහන්සේටත්, ස්වභාව ධර්මයටත් ස්තුතිවන්ත වෙමි.

එමෙන්ම මා බිහි කොට, උපන් දා සිට මේ ජීවිතය ශක්තිමත් සහ සුව පහසු බවට පත් කරන්නට ඇප කැප වූ මගේ ආදරණීය දෙමව්පියන්ටත්, මගේ ජීවිතයේ ලොකුම සතුට සහ මගේ ජීවත්වීමේ හේතුව වන ආදරණීය ටැවොන් පුතුකිටත්, මගේ උපන්දිනය වෙනුවෙන් ඉතා ප්‍රීතියෙන් මට ආශිර්වාද කල මගේ සහෝදර සහෝදරියන්ටත්, මගේ ජීවිතය යෝධ කුළුණු මෙන් දරාගනිමින් මා ශක්තිමත් කරන මගේ පවුලේ සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙමි.

එමෙන්ම, ලංකාව සහ ලෝකය පුරාම සිටිමින්, ඔබේ ආදරය, කරුණාව, ප්‍රාර්ථනා සමගින් ත්‍යාග සහ අලංකාර මල් එවා මා හට සුබ පැතූ, මා වෙනුවෙන් සෙත් පැතූ, යාච්ඤා කළ, මට ආශිර්වාද කළ මගේ සියලු මිතුරු මිතුරියන්ට මාගේ කෘතඥතාවය හිමි වේ.
ඔබ සියලු දෙනා හැමදාමත් මගේ හදවතේ ඉහලම තැන සිටින බව සතුටින් පවසමි.

මගේ උපන් දිනය වෙනුවෙන් මට ආශිර්වාද කළ ඔබ සියලු දෙනා කෙරෙහි දෙවියන් වහන්සේගේ ආශීර්වාදය, සොබා දහමේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන් ලැබේවා..!

– පුෂ්පිකා ද සිල්වා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02