කිරුළක් නිසා කතාබහට ලක් වූ පුෂ්පිකා උපන් දිනය සැමරූවේ මෙහෙමයි – Photos

විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා මෙනවිය පිළිබඳ රූ රැජින කිරුල ලැබුණු අවස්ථාවේ පටන් ඇය ගැන විවිද කතා අසන්නට ලැබුනා. පසුගිය කාලයේත් පුෂ්පිකා ගැන සමාජ මාධ්‍යන් වල විතරක් නොවෙයි රුපවාහිනී ප්‍රවෘත්ති තුලත් කතාබහට ලක් වුන චරිතයක්.

නමුත් ඉතින් ඒ පලවන සෑම දෙයකටම උත්තර දෙමින් ඇය කියලා තිබුනේ ඒ බොහෝ පුවත් සත්‍ය ඒවා නොවන බවයි.

ඉතින් පසුගිය දිනයට ඇයගේ උපන්දිනය යෙදිලා තිබුණු නිසා ඇය ඒ දිනය ලස්සනට සමරලා තිබුනේ මල් වලින් සරසාගෙන. එහිදී ඇය මෙවැනි සටහනකුත් තියලා තිබුනා.

මම මේ ප්‍රීතිමත් මොහොතේ, පළමුවෙන්ම මේ ආශිර්වාද ලත් ජීවිතය මට ලබාදීම වෙනුවෙන් සර්වබලධාරී දෙවියන් වහන්සේටත්, ස්වභාව ධර්මයටත් ස්තුතිවන්ත වෙමි.

එමෙන්ම මා බිහි කොට, උපන් දා සිට මේ ජීවිතය ශක්තිමත් සහ සුව පහසු බවට පත් කරන්නට ඇප කැප වූ මගේ ආදරණීය දෙමව්පියන්ටත්, මගේ ජීවිතයේ ලොකුම සතුට සහ මගේ ජීවත්වීමේ හේතුව වන ආදරණීය ටැවොන් පුතුකිටත්, මගේ උපන්දිනය වෙනුවෙන් ඉතා ප්‍රීතියෙන් මට ආශිර්වාද කල මගේ සහෝදර සහෝදරියන්ටත්, මගේ ජීවිතය යෝධ කුළුණු මෙන් දරාගනිමින් මා ශක්තිමත් කරන මගේ පවුලේ සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙමි.

එමෙන්ම, ලංකාව සහ ලෝකය පුරාම සිටිමින්, ඔබේ ආදරය, කරුණාව, ප්‍රාර්ථනා සමගින් ත්‍යාග සහ අලංකාර මල් එවා මා හට සුබ පැතූ, මා වෙනුවෙන් සෙත් පැතූ, යාච්ඤා කළ, මට ආශිර්වාද කළ මගේ සියලු මිතුරු මිතුරියන්ට මාගේ කෘතඥතාවය හිමි වේ.
ඔබ සියලු දෙනා හැමදාමත් මගේ හදවතේ ඉහලම තැන සිටින බව සතුටින් පවසමි.

මගේ උපන් දිනය වෙනුවෙන් මට ආශිර්වාද කළ ඔබ සියලු දෙනා කෙරෙහි දෙවියන් වහන්සේගේ ආශීර්වාදය, සොබා දහමේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන් ලැබේවා..!

– පුෂ්පිකා ද සිල්වා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?