අතුරුදන් වූ රෝහිතගේ පූසා ගෙදර ඇවිත්

අතුරුදහන් වූවා යැයි කියූ අගමැති පුත් රෝහිත රාජපක්ෂ (චිචී) ගේ සූරතල් පූසා හමුවී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

තමන් සුරතලයට ඇති කළ, සුරතල් පූසා අතුරුදන්ව ඇති බව,ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍ රෝහිත රාජපක්ෂ සිය මුහුණු පොතේ සටහන් කර තිබුණා.

බැද්දගානේ ඔහුගේ නිවසේ සිටි මෙම ඉහළ වටිනාකමකින් යුතු මෙම පුසා සොයා දෙන අයෙකුට විශේෂ තෑග්ගක් පිරිනමන බවටයි එහි වැඩිදුරටත් සඳහන් වුනේ.

කෙසේ වෙතත් බළලා හමුවී ඇති නිසා රෝහිත රාජපක්ෂ ඔහුගේ ගිණුමේ පළ කර තිබූ සටහන ද ඉවත් කරගෙන තිබෙනවා.

ඒ වෙනුවට රෝහිත විසින් සිය සුරතලා හමුවූ බව සඳහන් කරමින් සියලු දෙනාට ස්තුති කරන්නට ද අමතක කර තිබුනේ නැහැ.

Rohithas cat found message

පෙර පුවත් – රෝහිතගේ පූසා අතුරුදන්! හොයලා දුන්නොත් තෑග්ගක්



අපගේ නවතම වීඩියෝ පුවත්