“තාත්තාගේ සෙනෙහස තදින්ම දැනුනා” – කාවින්ද්‍යා තාත්තාට කියූ කතාව

කාවින්ද්‍යා අධිකාරි කියල කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්. මේ වෙද්දී ලාංකිකයන් හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා. ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.

කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි. කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා..

ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ. ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා. අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා. ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.

කොහොම නමුත් මෑතකදී කාවින්ද්‍යාගේ ආදරණිය අත්තම්මා මෙලොවින් සමුගත්තා. ඇගේ අභාවය ඇයට එය ලොකු තනිකමක් පාළුවක් එක්කර තිබුනා. ඒ නිසාම ඇයට තාත්තා ගේ සෙනෙහස තදින්ම දැනුන බව කියා සිටියා. ඒ මොහොතේදී අතුල ඇය ලගින්ම සිට ආදරය දුන් බව කාවින්ද්‍යා කියා සිටියේ හඩමිනුයි. ඒ අවස්ථාවේ ලගින් ඉන්නවට ඔයාට ගොඩක් පිං කියලයි කාවින්ද්‍යා කියා සිටියේ. ඒ වගේම දියණියකට පිය සෙනෙහස අවැසි බව ඇය පසක් කර සිටියා.

මේ අතර ඇගේ පියා අතුල අධිකාරි මහතා කියා සිටියේ ඇය ගැන ආඩම්බර වෙන බවයි. ඒ වගේම මම 50න් කියන දේවල් එයා 25න් කියනවා කියපු ඔහු කියන්නේ ලොකු අවබෝධයක් ඇයට තියෙනවා කියලයි. මේ අතර ඇය දක්ෂයි කියන ඔහු කියල තිබුනේ එයා ගැන සතුටුයි කියලයි.

ඉතින් වැඩිදුරටත් ඔහු කියා සිටියේ මම එයා ලගින්ම ඉන්නවා කියලයි. මේ අතර ජිවිතේ පලවෙනි වතාවට තාත්තා සමගින් ඇය ගීත ගායනා කරා. එය සුවිශේෂී අවස්ථාවක් වුනා. සමිතාද එවෙලෙහි ඔවුන් අමතමින් කියා සිටියේ අම්මෙක්ට මිට වඩා සතුටක් තව කොයින්ද කියලයි. ඉතින් අතුලගේ සහ කවිගේ ඒ බැදීමට හැමෝම ආදරෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32