පෝලිම් කඩාගෙන ඉන්ධන පිරවුම් හලේ ගැටුමක්

මොරවක ඉන්ධන පිරවුම්හලට පැමිණි යතුරුපැදිකරුවන් කිහිපදෙනෙක් එහි රාජකාරියේ යෙදී සිටි සේවකයින් තිදෙනෙක් ට පහර දී පළා යෑමේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30) රාත්‍රී 7.10ට පමණ ඉන්ධන ලබා ගැනීමට එම පිරිස පැමිණ ඇති අතර, ඉන්ධන පිරවුම් හලේ සේවකයෙක් පෝළිමේ සිට ඉන්ධන ලබාගන්නා ලෙස දැනුම් දී ඇත.

එහිදී කෝපයට පත්ව අදාළ යතුරුපැදිකරුවන් සේවකයින්ට පහර දී ඇති අතර, එක් සේවකයෙකුගේ හිසට සිදුවු තුවාල හේතුවෙන් මොරවක දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

පහරදීමෙන් පසු පළා යමින් සිටි යතුරුපැදිකරුවන් කළුබෝවිටියාන පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 23, 26 හා 29 හැවිරිදි වියේ පසුවන මොරවක ඉදිකිරීම් සමාගමක සේවය කරන පුද්ගලයින් තිදෙනෙකි.

සැකකරුවන් මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිදුවීම සම්බන්ධයෙන් මොරවක පොලීසිය පරීක්ෂණ පවත්වයි.

එම සිදුවීම ඉන්ධන පිරවුම් හෙල් සවිකර තිබු CCTV කැමරාවේ මෙලෙස සනිටුහන් ව තිබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?