දේශපාලකයා යකා නටයි… ගිනි අවියක් සමග අත්අඩංගුවට.. තිදරු මවකටත් පහර දීලා..

ආනමඩුව ප‍්‍රාද්ශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන ගාමිණී වඩිගමංගාව මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආණමඩුව පොලිසිය සඳහන් කරන්නේ ගිනි අවියක් රැගෙන විත් කාන්තාවකට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හිටපු සභාපතිවරයාගේ ප්‍රහාරයට ලක් වී ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි තිදරු මවකි.

කුඹුර මායිමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම ඇති වී ඇති බවත් හිටපු සභාපතිවරයා තම අත තිබූ ගිනි අවියෙන් කාන්තාවකගේ පපු ප්‍රදේශයට හා මුහුණට ද පහර දුන් බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

සිදුවීමෙන් පසු කාන්තාව ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?