ලෝක ළමා දිනය අද

ලෝක ළමා දිනය අදට (01 වැනිදා) යෙදී තිබේ. මෙවර ළමා දිනයේ තේමාව වන්නේ ‘සියල්ලටම පෙර දරුවන්’ යන්නය.

මේ නිමිත්තෙන් ඔක්තෝබර් මස අවසන් වනතෙක් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම වැඩසටහන්වල මූලික පියවර ලෙස අවිධිමත්ව ඇති පෙර පාසල් විෂය පතය විධිමත් කිරීම සඳහා පෙර පාසල් ගුරුවුන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් ශිෂ්‍යත්ව 1500ක් අද දින ලබාදීමට නියමිතය.

මීට අමතරව පෙර පාසල් දරුවන් වෙනුවෙන් පුංචි අපේ පෙර පාසල් නමින් රූපවාහිනී නාළිකාවක්ද අද දින ආරම්භ වන අතර මෙරට ඇති සියලුම ළමා නිවාසවලට පරිඝනක 700ක් ඇතුළුව පරිගණක මධස්ථාන 379ක් ලා දීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. ලෝක ළමා දිනය නිමිත් කොටගෙන අද සිට අම්මාවරුනේ, සහන් එළිය, පරිසර ළමා බළකාය යන වැඩසටහන් මෙන්ම මහියංගණය ආදිවාසී ගම්මානය මූලික කොටගෙන කැකුළන්ගේ ළමා දිනය ආදි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?