AFC Banner
Empty Ad
Empty Ad

අනියම් පෙමට පිටුපෑ නිසා මලපැනපු පෙම්වතා පෙම්වතියගේ සැමියාට උපන් ඇදුමෙන් වීඩියෝ යවලා

ෆේස්බුක් මර්ගයෙන් පැවැත්වූ අනියම් පෙම නවතා දැමීමෙන් උරණ වූ ෆේස්බුක් පෙම්වතා විසින් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශනයක් ඇයගේ සැමියාට සහ නැඟණියට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මුදාහැර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන 28 වැනි දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත සැකකාර පෙම්වතා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවත් සඳහන්.

මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය සිසුවෙක්. අක්මීමන ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය විවාහක කාන්තාවක් වන අතර ඇයගේ සැමියා විදෙස්ගතව සිටින බවත් අදාළ කාන්තාව සිය ෆේස්බුක් ගිණුම හරහා හදුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගෙන තිබෙනවා. 

ඔවුන් දෙදෙනා අවස්ථා කිහිපයකම අඹුසැමියන් ලෙස හැසිරී ඇති අතර වට්ස්ඇප් ඔස්සේ නිරුවත් වීඩියෝ ඇමැතුම් ලබාගෙන ඇති බවත් එම අවස්ථාවන් සැකකාර පෙම්වතා විසින් ඔහුගේ ජංගම දුරකථනයේ පටිගත කරගෙන ඇතැයිද අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසනවා. 

පසුව ඇති වූ විවිධ නොගැළපීම් හේතුවෙන් පැමිණිලිකාරිය විසින් සම්බන්ධය නවතා දමා ඇතැයිද ඒ සම්බන්ධව උරණ වූ සැකකරු අදාළ නිරුවත් ඡායාරූප හා වීඩියෝවක් විදෙස්ගතව සිටින ඇයගේ සැමියාට සහ ඇයගේ නැඟණියට මුදාහැර ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ජංගම දුරකථනයේ අදාළ කාන්තාවගේ නිරුවත් දර්ශන ගබඩා කර තිබියදී සොයා ගැනීමට හැකි වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ පවසා තිබෙනවා. ලබන නොවැම්බර් මස 02 වැනි දින සැකකරුට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?