අනියම් පෙමට පිටුපෑ නිසා මලපැනපු පෙම්වතා පෙම්වතියගේ සැමියාට උපන් ඇදුමෙන් වීඩියෝ යවලා

ෆේස්බුක් මර්ගයෙන් පැවැත්වූ අනියම් පෙම නවතා දැමීමෙන් උරණ වූ ෆේස්බුක් පෙම්වතා විසින් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශනයක් ඇයගේ සැමියාට සහ නැඟණියට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මුදාහැර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන 28 වැනි දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත සැකකාර පෙම්වතා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවත් සඳහන්.

මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය සිසුවෙක්. අක්මීමන ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය විවාහක කාන්තාවක් වන අතර ඇයගේ සැමියා විදෙස්ගතව සිටින බවත් අදාළ කාන්තාව සිය ෆේස්බුක් ගිණුම හරහා හදුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගෙන තිබෙනවා. 

ඔවුන් දෙදෙනා අවස්ථා කිහිපයකම අඹුසැමියන් ලෙස හැසිරී ඇති අතර වට්ස්ඇප් ඔස්සේ නිරුවත් වීඩියෝ ඇමැතුම් ලබාගෙන ඇති බවත් එම අවස්ථාවන් සැකකාර පෙම්වතා විසින් ඔහුගේ ජංගම දුරකථනයේ පටිගත කරගෙන ඇතැයිද අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසනවා. 

පසුව ඇති වූ විවිධ නොගැළපීම් හේතුවෙන් පැමිණිලිකාරිය විසින් සම්බන්ධය නවතා දමා ඇතැයිද ඒ සම්බන්ධව උරණ වූ සැකකරු අදාළ නිරුවත් ඡායාරූප හා වීඩියෝවක් විදෙස්ගතව සිටින ඇයගේ සැමියාට සහ ඇයගේ නැඟණියට මුදාහැර ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ජංගම දුරකථනයේ අදාළ කාන්තාවගේ නිරුවත් දර්ශන ගබඩා කර තිබියදී සොයා ගැනීමට හැකි වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ පවසා තිබෙනවා. ලබන නොවැම්බර් මස 02 වැනි දින සැකකරුට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09