සහල් මිල සම්බන්ධයෙන් තවත් ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ

සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමට අදාළව නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරීමට ආදාළ නව ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (29) එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර සහල් මිල පාලනය තාවකාලිකව ඉවත් කිරිමෙන් පසු සහල් මෝල් හිමියන් ප්‍රකාශයට පත්කර ඇති ඇතැම් මිල ගණන්වල ගැටලු සහගත තත්ත්වයන් පවතින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රකාශ කළ මිලට ඊයේ පිටකොටුවේ ඇතැම් තොග වෙළෙඳුන් වෙත සහල් තොග ලැබී තිබුණි.

කෙසේවෙතත් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කළේ, සහල් මිල පාලනයෙන් රජය ඉවත් නොවිය යුතු බවය.

එමෙන්ම සහල් ව්‍යාපාරිකයින් මිල තීරණය කරන්නේ නම් විෂය භාර අමාත්‍යවරුන් සිය තනතුරුවලින් වහාම ඉල්ලා අස්විය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, සහල් මිල හෝ වී මිල සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවය

සහල් මිල සම්බන්ධයෙන් තවත් ගැසට් පත්‍රයක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50